මහජන ආරක්ෂක කමිටුවෙන් ලිපි ගේන්නැයි කියා පොලිසිවල තිබූ බෝඩ් මකයි
පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා මහජන ආරක්ෂක කමිටුවෙන් ලිපියක් ලබාගෙන එන ලෙසට ඇතිවූ කතාබහ ඉන්පසු පොලිසි වල එම සටහන දැක්වෙන පුවරු මකා දමා තිබූ තිබේ.
මේ බව හෙළි වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී එම පින්තූර සභාගත කිරීමෙන් පසුයි.
මාතර පොලිසියේ දැන්වීම් පුවරුවේ පෙර සහ පසු පින්තූර දෙකක් ඔහු අද දිනයේ මෙසේ සභාගත කළේය.
එමෙන්ම මහජන ආරක්ෂක කමිටු ලිපි ලබාගෙන පැමිණෙන ලෙස දන්නවා ඇති බවට එම කමිටු සභාපතිවරයකුගේ ලිපියක්ද විපක්ෂ නායකවරයා විසින් අද සභාගත කළේය.
මහජන ආරක්ෂක කමිටුවෙන් ලිපි ගේන්නැයි කියා පොලිසිවල තිබූ බෝඩ් මකයි
2025-11-25T13:44:00+05:30
Gossip Lanka Hot News



.webp)



