දොස්තරලා රජයට පැය 48ක් දෙයි.. ලොකු තීන්දුවක් ගනී... (වීඩියෝ)
වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට වගකිව යුත්තන්ට පැය 48ක කාලයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කර ඇත්තේ එසේ පැය 48ක් තුළ විසඳුම් ලබාදීමට නොහැකි වුවහොත් 26 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී වෘත්තීය ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමට තීරණය කිරීමට නියමිත බවය.
ජනාධිපතිවරයා, සෞඛ්‍ය ඇමති ඇතුළු වගකිවයුත්තන් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු විසඳීම වෙනුවෙන් නිශ්චිත කාලරාමුවක් සහිත විසඳුම් මාලාවක් ප්‍රකාශයට පත්කිරීම තුළ වර්තමානයේ සෞඛ්‍ය පද්ධතිය තුළ උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීමට වහාම මැදිහත් විය යුතු බවට තම සංගමය විශ්වාසය කරන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.
GMOA gives 48-hour deadline to provide solutions
දොස්තරලා රජයට පැය 48ක් දෙයි.. ලොකු තීන්දුවක් ගනී... (වීඩියෝ)
2025-11-25T07:03:00+05:30
Gossip Lanka Hot News







