වන අලි වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට කඩා වදිති… ගිලන් රියක් විනාශ කරති…. ( වීඩියෝ සහිතයි)
පෙරේදා (14 ) රාත්‍රියේ 10 ත් 11 ත් අතර කාලයේ සෝමාවතිය රක්ෂිතයේ සිට මෙම වන අලි දෙදෙනා වැලිකන්ද රෝහලට පැමිණ ඇති බවත් එලෙස රෝහල පැමිණි වන අලි දෙදෙනාගෙන් එක් වන අලියෙකු වැලිකන්ද රෝහලේ ගිලන් රථයකට පහරදී හානි කර ඇත.
වැලිකන්ද නගරයේ පිහිටි මෙම රෝහලට මෙලෙස වන අලි පැමිණිම රෝගීන්ගේ ජීවිතවලට මෙන්ම රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කටයුතු වලටද දැඩි තර්ජනයක් බව අප කළ විමසීමක දී රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දුන්හ.
ඔවුන් පවසන්නේ මේ තත්ත්වය තුළ වැලිකන්ද රෝහලේ රෝගීන් පවා සිටින්නේ බියපත්ව බවය.
එබැවින් වන අලි රෝහල් පරිශ්‍රයට හා වැලිකන්ද නගරයට පැමිණීම වලක්වා රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය සේවකයින්ගේ හා රෝගී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.
පොලොන්නරුව අයත් වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළු වූ අලින් දෙදෙනෙකු එම රෝහලේ කොරිඩෝ මත ඇවිදිමින් මිදුලේ නවතා තිබූ ගිලන් රථයකට ද පහරදී රෝහල් භූමිය තුළ හැසිරීමෙන් රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් ද බියපත් කළ ආකාරය වාර්තා විය. මේ දැක්වෙන්නේ එම වීඩියෝවය.
මනම්පිටිය නිමල් ජයරත්න
-lankasara
වන අලි වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට කඩා වදිති… ගිලන් රියක් විනාශ කරති…. ( වීඩියෝ සහිතයි)
2025-11-16T19:25:00+05:30
Gossip Lanka Hot News





