gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිසියට තග දැමූ DIG බොරු නංගි රිමාන්ඩ්.. අවුඩිය පොලිසියේ..

රථවාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් නතර කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන්ගේ අණ නොතකා රිය ධාවනය කළ කාන්තාවක් ගම්පහ, උඩුගම්පොළදී අත්අඩංගුවට ගැනීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලිසිය වාර්තා කරන ආකාරයට, ඇයව ලුහුබැඳ ගොස් උඩුගම්පොළදී රථය නවත්වා පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එම කාන්තාව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්, තමන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ සොයුරියක බව පවසමින් දඩබ්බර ලෙස හැසිරී තිබේ.

කෙසේ වෙතත්, පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ එම සැකකාරිය තමන් පැවසූ පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ ඥාතියෙකු නොවන බවයි.

පොලිස් රාජකාරියට බාධා කිරීම සහ කලහකාරී ලෙස හැසිරීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකාරිය ලබන 3 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka