බදුලු දුම්රියට විශාල ගල් පර්වතයක් පෙරලී අනතුරක්.. (Photos)
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී අද (19) අලුයම විශාල ගල්පර්වත කඩා වැටීමෙන් දුම්රිය එන්ජිම ගල්පර්වත අතර සිරවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි .
දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට නානුඔය දක්වා පමණක් සීමා කළ බවත් , බදුල්ල නානුඔය අතර දුම්රිය ධාවනය ඇණහිට ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .
එන්ජින් දෙකකින් සමන්විත රාත්‍රි තැපැල් දුම්රියේ ඉදිරිපස එන්ජිම මතට විශාල ගල්පර්වත වැටී ඇති අතර මින් දුම්රිය එන්ජිමට අලාභ හානිවී ඇති අතර කිසිවකුට හෝ අනතුරක් සිදු නැත.
ගල්පර්වත තුල සිරවු දුම්රිය එන්ජිම ගලවා තබා පසුපස එන්ජිම මගීන් සහිත දුම්රිය මැදිරි රැගෙන නිරුපද්‍රිතව අලුයම යළි බදුල්ල බලා ධාවනය කළේය.
(ප්‍රසාද් රුක්මල්)
-lankadeepa
Dambulla railway station contact number
බදුලු දුම්රියට විශාල ගල් පර්වතයක් පෙරලී අනතුරක්.. (Photos)
2025-11-19T08:38:00+05:30
Gossip Lanka Hot News











