සම්බෝධි විහාරස්ථානයට බුද්ධ ප්‍රතිමාව යළි වඩමවයි… නි. ඇමති අරුණ් හේමචන්ද්‍ර ජනතා විරෝධය හමුවේ පළා යයි..!
තිරිකුණාමලය සම්බෝධි විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නැවත එම විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍රට දැඩි විරෝධය එල්ල වී තිබේ.
රැස්ව සිටි පිරිසගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ නි. ඇමතිවරයා වහාම එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර පිරිස පරුෂ වචනයෙන් නියෝජ්‍ය ඇමතිවරයාට බැණ වැදිණි.
ඊයේ රාත්‍රී පොලිසිය යොදවා ඉවත් කළ බුද්ධ ප්‍රතිමාව අද නැවත ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අද පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය.
අද උදෑසන මෙම සිදුවීම පිළිබඳ දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවකට පැමිණි බෞද්ධ සංවිධාන නියෝජිතයකුට පරුෂ වචනයෙන් බැණ වැදී ඉවත් කිරීම පිළිබඳව ද නි. ඇමතිවරයාට චෝදනා එල්ල වෙයි.
සම්බෝධි විහාරස්ථානයට බුද්ධ ප්‍රතිමාව යළි වඩමවයි… නි. ඇමති අරුණ් හේමචන්ද්‍ර ජනතා විරෝධය හමුවේ පළා යයි..!
2025-11-17T21:05:00+05:30
Gossip Lanka Hot News





