gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැදි නායකයාගේ නිල රථය රිය අනතුරක..

මහියංගණය, පදියතලාව මාර්ගයේ, 51 කණුව ප්‍රදේශයේදී දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට රජය මගින් ලබා දී තිබූ කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරට පත්වීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

එලෙස රිය අනතුරෙන් තුවාල ලබා ඇත්තේ කෙසෙල්පොත මහියංගණ යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 47 හා 84ක පසුවන පුද්ගලයන් දෙදෙනකි.

රථය අනතුරට පත්වන අවස්ථාවේ ආදිවාසී නායකයා රථයේ සිට නොමැති අතර, කැබ් රථය ඉන්ධන පිරවීම සඳහා මහියංගණ නගරය වෙත යමින් තිබියදී එම අනතුරට පත්ව ඇත.

මේ පිළිබඳව මහියංගණය පොලිසියේ රථවාහන අංශය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබේ.

රංජිත් කරුණාවීර - මහියංගණය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka