සංවිධානාත්මක අපරාධකාර උනාකූරුවේ ශාන්තගේ ඥාති යුවලක් වෙළෙඳසලක් තුළ දී වෙඩි තබා ඝාතනය කරයි!
තංගල්ල උනාකූරුව ප්‍රදේශයේ දී අඹු සැමි යුවලක් වෙඩි තබා ඝාතනය කර තිබේ. තංගල්ල පොලිසිය පවසන්නේ උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය වෙළඳසැලක් තුළදී පස්වරු 6.55ට පමණ මිලිමීටර් නවය වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඝාතකයින් පලා ගොස් ඇති බවය.
වෙඩි තබා ඝාතනය කර තිබුණේ අවුරුදු 68 හා 59 වයසේ පසුවන අඹු සැමි යුවලකි. මියගිය අඹු සැමි යුවල දැනට විදෙස්ගතව සැඟවී සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උනා කූරුවේ ශාන්ත නැමැත්තාගේ ඥාතීන් බවට අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
සූරියවැව නුවන් ජයසේකර
-lankasara
සංවිධානාත්මක අපරාධකාර උනාකූරුවේ ශාන්තගේ ඥාති යුවලක් වෙළෙඳසලක් තුළ දී වෙඩි තබා ඝාතනය කරයි!
2025-11-18T23:38:00+05:30
Gossip Lanka Hot News





