උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන නුගේගොඩ සක්යා හි ප්‍රධාන දේශකයකු අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අදාළ, ප්‍රශ්න පත්‍රයට හා සමාන ප්‍රශ්නපත්‍රයක් සක්යා ආයතනය විසින් එහි අධ්‍යාපනය ලබන සිසුන්ට ලබාදී ඇති බව ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා ද හෙළි කළේය.
අදාළ ආයතනය ලබාදී ඇති ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පනහෙන් ප්‍රශ්න 27ක් උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට සමාන බවත්, එසේම එහි දෙවැනි කොටසේ ප්‍රශ්න 10න් 5ක් සක්‍යා ලබාදුන් ආදර්ශ ප්‍රශ්නපත්‍රයට සමාන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
අත්අඩංගුවට නොගන්න ආණ්ඩුවේ ප්‍රබල හස්තයක්…
කෙසේවුවද, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ප්‍රකට ආර්ථික විද්‍යා දේශකයාව ආරක්ෂා කරන ප්‍රබල හස්තයක් වත්මන් ආණ්ඩුවේ තිබෙන බවයි.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ටියුෂන් නැවැත්වීමට ආ ආණ්ඩුව ටියුෂන් පෝෂණය කිරීම පමණක් නොව, විශ්ව විද්‍යාලයට යාමට දරුවන්ට ඇති අවස්ථාව ද මෙ අනුව අහිමිවන තත්ත්වයක් මතුව ඇති බවයි.
මේ අතර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ඊයේ (25) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද එහි කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් කියා සිටියේ සක්‍යා විසින් නිකුත් කර ඇති ආර්ථික විද්‍යා ප්‍රශ්නපත්‍රය කිසිසේත්ම පුරෝකථනය කර සිදු කළ එකක් නොවන බවත්, එම ප්‍රශ්න පත්‍රය පිටව ඇති බවයි.
අමාත්‍ය නලින් ජයතිස්ස මහතා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ලද තොරතුරක් මත පදනම්ව මෙම පරීක්ෂණය සිදුකරන බවය.