gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුරේ වැවු රක්‍ෂිත මැන්න වාරිමාර්ග අධ්‍යක්‍ෂ හදිසි ස්ථාන මාරුවක්...

ආන්දෝලනයට තුඩු දුන් අනුරාධපුර නුවර වැව් රක්ෂිතය ඇතුළු වැව්රක්ෂිතවල සීමා මායිම් ලකුණු කිරීමේ රාජකාරියේ නිරතව සිටි  අනුරාධපුර දිස්ත්‍රික්  වාරිමාර්ග අධ්‍යක්ෂ ජයන්ත ද සිල්වා මහතා හදිසි ස්ථාන මාරුවක් ලැබී ඇතැයි වාර්තාවේ.

නුවර  වැව  ඇතුළු වාරිමාර්ග වැව්රක්ෂිත සීමා මායිම් ලකුණු කිරීමේ ප්‍රබල වැඩ කොටසක් කළ අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා එම තනතුරට පැමිණ වසරක්වත් ගෙවී ගොස්  නොමැති අවස්ථාවක මෙවැනි ස්ථාන මාරුවක් ලැබී ඇත්තේ පැහැදිලිවම දේශපාලන අරමුණක් හේතුවෙන් බැව් වාරිමාර්ග සේවකයෝ පිරිසක් සැක පළ කරති.

කෙටි කාලයක් තුළ ජනතාව අතර සහ සේවකයින් අතර කීර්තිමත් නිලධාරියකු වශයෙන් රාජකාරී කටයුතු කළ වාරිමාර්ග අධ්‍යක්ෂවරයා අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීද මායිම් සටහන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන්  මැති ඇමතිවරු සමඟ  සෘජුවම පෙනී සිටියේය.

නුවර වැව වැව්රක්ෂිතයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. ඩී. එන්. කේ  පලිහේන මහතාගේ ද ඉඩම සීමාවට අයත් වී තිබේ.

එමෙන්ම අනුරාධපුර  නුවර වැව් රක්ෂිතයේ ඉදිකිරීම් ඉවත් කිරීම සම්බන්ධයෙන්  අභියාචනා තුන්සිය පනහ ඉක්මවා ලැබී ඇති බව හිටපු වාරිමාර්ග නියෝජ්‍ය ඇමති වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ඉකුත්දා සදහන් කළේය.


නුවර වැව වැව්රක්ෂිතයේ ඉඩම් සම්බන්ධයෙන් රජය තීන්දුවක් ගන්නා තුරු වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසට දැනුම් දීමක් කර ඇති බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙවැනි පසුබිමක අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග  අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබා දීම පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයෝ, පරිසරවේදීහු සහ සාමාන්‍ය ජනතාව දැඩි කනස්සල්ලට පත්ව සිටිති.
-අනුරාධ චතුරංග
ADA
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka