නිදහසින් අවුරුදු 76කට පස්සේ බුදු සසුන වනසන නූතන කාලිංග මාඝ රජ වෙලා…! – සුගීෂ්වර බණ්ඩාර….
ආණ්ඩුවේ සභානායක බිමල් රත්නායක පිළිම වන්දනාව ගෝත්‍රික යැයි ද ඔහුගේ බිරිඳ සමන්මලී ගුණසිංහ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි ද නි. ඇමති නලින් හේවගේ බෝ ගස කිසි වැඩකට නැති නොවැඳිය යුතු ගසක් යැයි ද කියන බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසයි.
බෞද්ධ කටයුතු ඇමතිවරයා මහා සංඝ රත්නයට නොවැඳ ආයුබෝවන් කියන අතර නියෝජ්‍ය සංස්කෘතික ඇමතිවරයා මහා සංඝ රත්නයට අතට අත දෙමින් ඇතැයි ද ඔහු චෝදනා කරයි.
බුදුන් තුන් වරක් වැඩි, දළදා සමිඳු සහ ජය ශ්‍රී මහා බෝධිය වැඩ වසන නිර්මල ථේරවාදී බුදු දහමින් පෝෂිත රටේ පහළ වූ සියලු නායකයන් බුදු දහම සුරක්ෂිත කරමින් පෝෂණය කළ බව ද සුගීෂ්වර බණ්ඩාර පෙන්වා දෙයි.
එම වගකීම පැහැර හැරියේ කාලිංඝ මාඝ, පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසින් පමණක් බවත් නිදහසින් වසර 76ක් ගෙවෙන තැන නූතන අනුර දිසානායක නම් කාලිංඝ මාඝ පහළ වී සම්බුදු සසුනට වින කටින් ඇතැයි ද ඔහු චෝදනා කරයි.
මෙම නිරාගමික ආණ්ඩුව පහර දෙන්නේ මේ රටේ මුල් බැස පවතින මහ සංස්කෘතියට සහ නිර්මල බුදු දහමට බවත් ඔවුන්ගේ බුදු දහම බේරා ගැනීමට පක්ෂ පාට භේද අමතක කර සියලු දෙනා එකමුතු විය යුතු බව ද සුගීෂ්වර බණ්ඩාර අවධාරණය කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (21) නුගේගොඩ පැවති ඒකාබද්ධ විපක්ෂ ජනරැලියට එකතු වෙමිනි.
නිදහසින් අවුරුදු 76කට පස්සේ බුදු සසුන වනසන නූතන කාලිංග මාඝ රජ වෙලා…! – සුගීෂ්වර බණ්ඩාර….
2025-11-22T10:30:00+05:30
Gossip Lanka Hot News





