gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැයි 09 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදුන් 31ක් හඳුනා ගනියි.. සෙට් එකටම වෙන්න යනදේ මෙන්න..

2022 වසරේ මැයි මස 09 දින ගාලුමුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව නීතිපතිවරයා අද (නොවැම්බර් 04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

එම සැකකරුවන්ට එරෙහිව ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර දන්වා සිටියේ ය.

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීම සිදුවූ අවස්ථාවේ එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, නීතිය ක්‍රියාත්මක නොකිරීම තුළින් පොලීසිය ඇතුළු වග උත්තරකරුවන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අරගලකරුවන් පිරිසක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක් අද කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා මෙම දැනුම් දීම කළේ ය.

චෝදනා ඉදිරිපත් කරන පදනම කුමක් ද?

මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන වලට අදාළව අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබූ බව සඳහන් කළේ ය.

එහෙත් එම අතුරු තහනම් නියෝගය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බවත්, ඒ අනුව ඉදිරි විමර්ශන සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඒ යටතේ මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව ළඟදීම අධි චෝදනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් රජයේ නීතිඥවරයා දන්වා සිටියේ ය.

මෙහිදී අගවිනිසුරුවරයා විසින් රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් එම හඳුනාගත් සැකකරුවන්ට එරෙහිව කුමන නීතියක් යටතේ නඩු පවරනවාදැයි විමසා සිටියේ ය.

ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කරන බව ය.

මෙතෙක් හඳුනාගෙන ඇති අය කවු ද?

තවදුරටත් කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා මෙසේ හඳුනාගත් සැකකරුවන් අතර එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළත් වන බවත් කියා සිටියේ ය.

මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධිය හටගත් අවස්ථාවේ පොලිසිය අකර්මණ්‍ය ලෙස කටයුතු කිරීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වූ බව පෙන්වා දුන්හ.

ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ සිද්ධිය වූ අවස්ථාවේදී භූමියේ සැලකිය යුතු පොලිස් නිලධාරීන් පිරිසක් සහ ජල ප්‍රහාරක රථ සියල්ල තිබූ බව ය.

එහෙත් ඒවා නිසි ලෙස ක්‍රියාවේ යෙදවීමක් නොවූ බවත් එම කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් එම අවස්ථාවේ භූමියේ සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියා වන, එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව වීරවික්‍රම සඳහන් කර සිටියේ තම සේවා දායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් අපරාධ නඩුවක් ගොනුකිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දුනහොත් දැඩි අගතියක් සිදුවන බව ය.

එම නිසා අපරාධ නඩු කටයුතු සිදුවන ආකාරය විමසීමෙන් පසුව මෙම පෙත්සම් සලකා බැලීම සුදුසු බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ යෝජනා කළේ ය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය සිදුකළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබන ලදී.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් නම්කර තිබිණි.

මෙහි පෙත්සම් කිහිපයක වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමක් සිදු නොවන හෙයින් ඔවුන්ට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන නොයාමට ද පාර්ශවකරුවන් අධිකරණය හමුවේ එකඟ වූහ.

- බීබීසී සිංහල
 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka