gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසීම් තජුඩීන්ගේ ඝාතනය ගැන අනාවරණයක්!

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටින කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, තැඹිලි ලහිරු, කමාන්ඩෝ සලින්ත, පානදුර නිලංග නමැති පුද්ගලයින් පිළිබඳ කෙරෙන විමර්ශන වලදී රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට අදාළව මේ වනවිට කරුණු ගනනාවක් අනාවරණය වෙමින් ඇත.

එම පිරිස අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව ඇතැයි අනාවරණය වීමෙන් පසුව සිදුකළ විමර්ශනවලදී පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලනයට සම්බන්ධව සිටි පියල් මනම්පේරි සහ සම්පත් මනම්පේරි නමැති පුද්ගලයින්ට අයත් මිද්දෙනියේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය මිශ්‍රකර වලදමා තිබූ සුදු පැහැති කැට හා මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත්තේය.

පියල් මනම්පේරි සහ සම්පත් මනම්පේරි මේ වනවිට අත්අඩංගුවේ පසුවන අතර එම කණ්ඩායම සමග කලක් සමීපව කටයුතු කර තිබූ අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා පසුව ඔවුන්ගෙන් වෙන්වී සිදුකළ විවිධ අපරාධ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශ සිදුකල අතර ඔහු පසුගිය පෙබරවාරි (18) වනදා ඝාතනයට ලක්විය.

පසුගිය පෙබරවාරි (18) වනදා අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ඝාතනය කිරීමට ගිනි අවිය තමන් විසින් ලබාදුන් බව, මේ වනවිට අත්අඩංගුවේ පසුවන සම්පත් මනම්පේරි අනාවරණය කර ඇත.

ඝාතනයට ලක්වූ මීගස්ආරේ කජ්ජාගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කල අනාවරණයකින් රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය පිළිබඳව නව හෝඩුවාවක් අනාවරණය වූ බව පොලීසිය පසුගියදා අනාවරණය කළේය.

වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහු වතුර බෝතලයක් මිලදී ගැනීම සඳහා හැව්ලොක් පිහිටි සුපරි වෙළෙඳසලක් වෙත ගමන් කරන බවත් ඉන් පිටතට පැමිණ යළි ඔහු තම මෝටර් රථයේ නැග ගමන් කිරීමේදී ඔහු පසුපස තවත් මෝටර් රථයක් ලුහුබැඳ ඇත.

එම මෝටර් රථය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන පරීක්ෂා කර බැලීමේදී ආනාවරණය වී ඇත්තේ, ඒ අසල තවත් පුද්ගලයෙකු සිට ඇති බවයි. තජුඩීන් ඝාතනයට ලක්වූ දින ඔහු පසුපස හඹාආ පිරිසක් අතර අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා සිටින බව සීසීටීවී දර්ශන වලින් ඔහුගේ බිරිඳ හඳුනා‌ගෙන ඇත.

ඔහු හඳුනා ගැනීම සඳහා මීට වසර 9කට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත දර්ශන නිකුත් කරනු ලැබුවද එය අසාර්ථක වී ඇත.

2023 වසරේ යූටියුබ් නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මීගස්ආරේ කජ්ජා වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කරුණු හෙළි කළේය.

වසීම් තජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම් ඇතුළු සිදුවීම් ගනනාවක් ගතවූ කාලසීමාව තුළ වාර්තා වු අතර සිරිලිය සවිය පදනමේ WP KA 0642 දරණ ඩිෆෙන්ඩර් රථයක් තාජුඩීන් පැහැරගැනීමට භාවිත කර ඇති බව, 2018 සැප්තැම්බර් (20) වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කල කරුණු අනුව අනාවරණය විය.



















නාරාහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ 2012 මැයි (17) වනදා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටියදී හමුවිය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka