gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අංක තහඩු නෑ.. අලුත් වාහන 165,000කට අංකය කොලේක ලියා අලවගන්න වෙයි..

මාස පහක කාලයක සිට වාහන අංක තහඩු නොමැතිව බලා සිටින අලුත් වාහන හිමියන් 165,000කට තම වාහනයේ අංක තහඩුව ලබා ගැනීමට අවම වශයෙන් තවත් මාස තුනක කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

වසර 25 කට පසු පෙර සැපයුම්කරුගේ කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම, නව ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ ගැටලු සහ ආරක්ෂක ලක්ෂණ තහවුරු කිරීමේ ප්‍රමාදය එයට හේතුව බව ද ආරංචිමාර්ග පැවැසුවේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි යතුරු පැදි 127,745 ක් සහ විද්‍යුත් මෝටර් රථ 25,526 ක් ඇතුළු සැලකිය යුතු වාහන සංඛ්‍යාවක් වාහන අංක තහඩු ලැබෙන තෙක් බලා සිටින බවත්, එලෙස ගොඩ ගැසී ඇති වාහන අංක තහඩු ගොඩට තාවකාලික පියවරක් ලෙස ලියාපදිංචිය තහවුරු කරන ලිපියක් සමග නව හිමිකරුවන්ට ඔවුන්ගේ වාහන භාවිත කිරීමට අවසර දී ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

පෙර සැපයුම්කරුට ලබා දී තිබූ කොන්ත්‍රාත්තුව පසුගිය අප්‍රේල් මාසයේදී අවසන් වූ අතර, ආදේශක සැපයුම්කරුවකු නොසිටි බැවින් වාහන අංක තහඩු නිකුත් කිරීම අතරමග නතර කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සිදු විය.

අලුත් සැපයුම්කරුවකු සොයා ගැනීමේ ක්‍රියාවලිය ටෙන්ඩර් පටිපාටියේ තාක්ෂණික සහ ප්‍රසම්පාදන ගැටලු හේතුවෙන් ප්‍රමාද වී තිබෙන බව ද ආරංචිමාර්ග පැවැසුවේය.

නව අංක තහඩුව සඳහා විශේෂ ආරක්ෂණ ලක්ෂණ 7 ක් ඇතුළත් බවත්, ඒවා පරික්ෂා කිරීමේදී ඇති වූ ගැටලු අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වූ බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මෙම ලක්ෂණ පරීක්ෂා කිරීමේ වගකීම මොරටුව විශ්ව විද්‍යාලයට පවරන ලද නමුත් මාස තුනක් ඇතුළත පරීක්ෂා කර ඇත්තේ ලක්ෂණ 6ක් පමණක් බව ද ආරංචිමාර්ග පැවැසුවේය.

හත්වැනි ලක්ෂණය ජාත්‍යන්තර තහවුරු කිරීමක් අවශ්‍ය බවත්, එය තවමත් පරීක්ෂා කර නොමැති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

අවසන් ලක්ෂණය පිළිබඳ තහවුරු කිරීමේ සහතිතය නොගෙන නීත්‍යනුකූලව වාහන අංක තහඩු නිකුත් කළ නොහැකි බවත්, අවසන් ලක්ෂණය මාස 6කින් පමණ ක්‍රියාවලිය ප්‍රමාද කර තිඛෙන බවත් ආරංචිමාර්ග පැවැසුවේය.
– සන්ඩේ ටයිම්ස්

Number plate Designs Sri Lanka
VEHICLE NUMBER PLATE SPECIALIST IN SRI LANKA
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka