gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මායි ජනතාවයි මාර සම්බන්ධයි, බිඳින්න හැදුවාම තව ළංවෙනවා – මහින්ද

බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්  හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, ජන නායකයෙකු ලෙස ලැබිය හැකි උපරිම සතුට, ජනතාව සමඟ ගෙවන මෙම කාලය පුරාවටම තමන් අත්විඳින බවයි.

මෙය දේශපාලනික සම්බන්ධතාවයක් පමණක් නොව හෘදයාංගම බැඳීමක් වන බැවින්, එය බිඳ හෙළීමට අපහසු බව පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ, ජීවිතයෙන් බොහෝ කාලයක් ජනතාව අතර ගත කළ තමාට ඔවුන්ගේ ආදරය හුරුපුරුදු බවයි.

 එම හේතුව නිසා එම ආදරයේ වටිනාකම අන් කිසිදාටත් වඩා වැඩි බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

උපුටා ගැනීම ,

“ජීවිතයෙන් බොහෝ කාලයක් ජනතාව අතර ගතකළ මට ජනතාවගේ ආදරය හුරුපුරුදුය. විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය යන කරුණු මත පදනම් වූ ජනතා ආදරය ලාභ අරමුණු වලින් තොර වූවකි.

එමනිසා, එහි වටිනාකම අන් කිසිදාටත් වඩා වැඩිය. මෙය දේශපාලනික සම්බන්ධතාවයක් පමණක් නොවූ හෘදයාංගම බැඳීමක් නිසාම බිඳ හෙලීමට ද අපහසු බව කිව යුතුමය. බිඳ දැමීමට කරන උත්සහයන් තුළින් තව තවත් බැඳීම් ශක්තිමත් විය හැක. ජන නායකයෙකු ලෙස ලැබිය හැකි උපරිම සතුට, ජනතාව සමඟ ගෙවන මෙම කාලය පුරාවටම මම අත්විඳිමි. සැමට ගෞරවනීය ස්තුතිය පුද කරමි.”
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka