gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ, මහින්දානන්ද, සියඹලාපිටිය, වඩිවේල් ඇතුළු කණ්ඩායමක් නුවරඑළියේ ඉඩම් බෙදාගෙන

ජනතාවට පදිංචි වීමටවත් ඉඩමක් නැති අවස්ථාවක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් නුවරඑළියේ ඉඩම් විශාල ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) අනාවරණය කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සතාසිවම්  නුවරඑළිය  ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කොත්මලේ නැඟෙනහිර කොටස ප්‍රෝටෝෆ් වත්තේ අක්කර 16කට ආසන්න ප්‍රමාණයක්ද, අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අදාළව වේවැල්පලාව ප්‍රදේශයේ අක්කර 50කට ආසන්න ඉඩම් ප්‍රමාණයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් විසින්ද, ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති උපාලි ලියනගේ අක්කර 50ක්ද, තලවාකැලේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය අක්කර 50ක්ද, නුවරඑළිය මාගස්තොට වත්තක මහින්දානන්ද අලුත්ගමගේ හිටපු මන්ත්‍රිවරයා හාවේලි අශෝකාරාමය පන්සල පිටුපස අක්කර 10ක්ද ඒ ආසන්නයේ දිය ඇල්ලක් පාමුල අක්කර 10ක්ද ඒ අනුව අත්පත් කරගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දේශපාලනඥයන් විසින් සිදු කරන ලද එකී ඉඩම් කොල්ලය සම්බන්ධයෙන් ප්‍රධාන පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. 

ජාජබ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මංජුල සුරවීර මහතා විසින් මතු කරන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ දේශපාලනඥයන් රට පුරා නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගෙන ඇති බවයි.

upali liyanage
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka