මාලිමා මන්ත්‍රී පියා එකම ඉඩම දෙන්නෙකුට විකුණලා…. නඩුවේ බී වාර්තාවත් අරන් වරුණ වාදපිටියේ…!
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නැගණිය ව්‍යාජ මුදල් මුද්‍රණය කළ බවට මෙතෙක් කල් සිදුකළ චෝදනාවට දැන් ජාතික ජන බලවේග ආණ්ඩුවට පියවර ගත හැකි බව සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.
එසේම ජාතික ජන බලවේග මන්ත්‍රීවරියකගේ පියෙක් එකම ඉඩම දෙදෙනෙකුට විකිණීම පිළිබඳ නඩු පවරා ඇති බවත් ඒ පිළිබඳවද සොයා බලා වහාම පියවර ගන්නා ලෙසත් හෙතෙම ඉල්ලා සිටියි.
ඊයේ (30) දෙරණ වාද පිටිය වැඩසටනට එකතු වෙමින් සජිත් ප්‍රේමදාසගේ නැගණියට චෝදනා එල්ල කළ ජාතික ජන බලවේග මන්ත්‍රී උපුල් ගලප්පත්ති වෙත එම නඩුවට අදාළ බී වාර්තා ද ලබා දෙමින් හෙතෙම මේ බව කීය.
එම වාද පිටිය වැඩසටහනට එකතු වූ ජාතික ජන බලවේග මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර ද අදාළ බී වාර්තා කියවනු දැකගත හැකි විය.
මාලිමා මන්ත්‍රී පියා එකම ඉඩම දෙන්නෙකුට විකුණලා…. නඩුවේ බී වාර්තාවත් අරන් වරුණ වාදපිටියේ…!
2025-10-01T15:52:00+05:30
Gossip Lanka Hot News






