gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තංගල්ලෙදි අයිස් පෙවුණු බල්ලෝ.. තංගල්ලේ බල්​ලොන්ට ඇත්තටම මොකද වුනේ ? (වීඩියෝ)

තංගල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය මිශ්‍ර වූ ජලය පානය කළ සුනඛයන් ඒ මේ අත දිව ගොස් ඇති අතර ඇතැම් සුනඛයන් වරාය භූමියෙන් අතුරුදන් වී ඇත. මත්ද්‍රව්‍ය ගබඩා කර තිබූ ස්ථානයේ ජලය පානය කර ඇති මෙම සුනඛයන් තිදෙනෙක් එහි තැන තැන කැරකෙමින් සිට තිබේ.

වරාය භූමියේ නිතර සැරිසරමින් සිටි සුනඛයන් ඊයේ දින අමුතු හැසිරීම් පෙන්නුම් කළ බව ධීවරයෝ කීහ. ඔවුන් පවසන්නේ මත්ද්‍රව්‍ය තොගය ගබඩා කර තැබූ ස්ථානයේ බිම තිබූ ජලය පානය කිරීමෙන් අනතුරුව උන් මෙම අසාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කළ බවයි. සුනඛයන් තිදෙනකු පමණ එකතැන කැරකෙමින් සිටි අතර තවත් සුනඛයකු සිටගැනීමට අපහසුව බිම වැටී සිටි අයුරු දක්නට හැකිවිය. තවත් සුනඛයෙක් ධීවර වරාය පුරා වේගයෙන් දිව යමින් අසාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කළේය. ඊයේ පෙරවරු කාලයේ සිටි සුනඛයන් දෙදෙනකු පස්වරුව වන විට ධීවර වරාය භූමියෙන් අතුරුදන්ව සිටි බව ධීවරයෝ කීහ. ඔවුන් පවසන්නේ එම සතුන් ඇවිද ගැනීමට නොහැකිව වැටී සිටිනු ඇති බවයි.

ධීවරයන් පවසන්නේ ධීවර වරාය භූමියේ සිටි මෙම සතුන් කිසිදු අසනීපයකින් පෙළුණු සතුන් නොවන බවයි. ඔවුන් සැකකරන්ගේ මත්ද්‍රව්‍ය මිශ්‍ර ජලය පානය කිරීම හේතුවෙන් මෙම සතුන් අසාමාන්‍ය හැසිරීම් පෙන්නුම් කරන බවයි. එම සතුන්ගේ ජීවිතයටද මින් හානියක් වනු ඇතැයි ධීවරයෝ සැක පහළ කරති.

තංගල්ල රැකවට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබියදී පෙරේදා (14 වැනිදා) නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබිණි. එම මත්ද්‍රව්‍ය තොගය එදින පස්වරුවේ තංගල්ල ධීවර වරායට රැගෙන ආ අතර ඒවායේ හෙරොයින්, අයිස් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් කළ පරීක්ෂණවලදී තහවුරු විය.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka