gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රංග දිසානායකගේ බිරිඳ වැඩ කළේ අර්ජුන් මහේන්ද්‍රන් එක්ක..! – චාමර සම්පත් දසනායක…

අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකගේ පළමු සහ දෙවන බිරිඳ ද සේවය කළේ මහ බැංකුවේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි. ලංකාවේ සිදු වූ විශාලතම වංචාව වන මහ බැංකු වංචාව සිදුකළ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා යටතේ ඔහුගේ දෙවන බිරිඳ දැරූ තනතුර කුමක් ද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.

එසේම 2017 කොටුව මහේස්ත්‍රාත් ලෙස අර්ජුන් මහේන්ද්‍රන්ට රටින් පළා යන්නට විදේශ ගමන් බලපත්‍රය නිදහස් කළේ කවුද යන්න රංග දිසානායක පැහැදිලි කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

මෙම හෙළිදරව් කිරීම සමග තමන්ට පවරා ඇති නඩු තුනට ලබන මාසයේම අධිචෝදනා ගොනු කරනු ඇති බවත් තමන්ට ඊට මුහුණ දීමට සූදානම් බවත් චාමර සම්පත් දසනායක ප්‍රකාශ කරයි.

ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.
-emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka