පද්මේ-පියුමි සබදතා එලියට.. පියුමිගෙන් ප‍්‍රශ්ණ කරයි… නළු නිලි වැලක් ඇදෙයි…
රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පත්මේ නමැත්තා සමඟ තිබූ සම්බන්ධතා පිළිබඳව පියුමි හංසමාලි නම් රංගන ශිල්පිනියගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළ බව පොලිසිය තහවුරු කරයි. ඒ අනුව, ඇය ඊයේ (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියාය. දැනුම් දීමක් මත ඇය එසේ පෙනී සිට ඇත.
ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පැය තුනකට වඩා වැඩි කාලයක් ගත වූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙහෙල්බද්දර පත්මේ නමැත්තා සමඟ තිබූ සම්බන්ධතා පිළිබඳව තවත් නිරූපිකාවන් හා නිළියන් කිහිප දෙනෙකුගෙන් ද ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් කියා සිටී.
පද්මේ-පියුමි සබදතා එලියට.. පියුමිගෙන් ප‍්‍රශ්ණ කරයි… නළු නිලි වැලක් ඇදෙයි…
2025-10-22T18:22:00+05:30
Gossip Lanka Hot News






