gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රුසියා මුහුදේ විශාල භූකම්පාවක්... සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි

රුසියාවේ Kamchatka ප්‍රදේශයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් බලවත් රික්ටර් මාපක 7.4ක භූමිකම්පාවක් සෙනසුරාදා අලුයම සිදුව ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) අනුව, භූමිකම්පාවේ කේන්ද්‍රය Petropavlovsk-Kamchatsky නගරයේ සිට නැගෙනහිරට කිලෝමීටර 111.7 ක් දුරින්, කිලෝමීටර 39 ක ගැඹුරකින් පිහිටා ඇත. මෙම භූමිකම්පාවෙන් පසු, එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය පැසිෆික් සාගරයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතරැ ඇගවීම් නිකුත් කළ අතර, වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස බලධාරීන් දැනුම් දී ඇත.

මෙම භූමිකම්පාව, මීට මාසයකට පමණ පෙර Kamchatka අර්ධද්වීපයේ සිදු වූ ගිනිකඳු පිපිරීමකින් පසුව සිදුවීම විශේෂත්වයකි. අගෝස්තු මාසයේ සිදු වූ රික්ටර් මාපක 8.8ක සහ 7.0ක භූමිකම්පා දෙකක් හේතුවෙන් මෙම ගිනිකඳු පිපිරීම ඇති විය. එම අවස්ථාවේදී, රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශය Kamchatka හි ප්‍රදේශ තුනක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද, එය පසුව ඉවත් කර ගන්නා ලදී.

Kamchatka අර්ධද්වීපය ජූලි මාසයේදී ද රික්ටර් මාපක 8.8ක ප්‍රබල භූමිකම්පාවක් විය. එම භූමිකම්පාව කිලෝමීටර 19 ක පමණ ගැඹුරකින් සිදු වූ අතර, එහි කේන්ද්‍රය Petropavlovsk-Kamchatsky නගරයේ සිට කිලෝමීටර 125ක් පමණ නැගෙනහිර-ගිනිකොන දෙසින් පිහිටා තිබුණි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka