පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ චෝදනාම වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතාට ද එල්ල වන බවයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමක වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
ගම්මන්පිල මහතා පෙන්වා දෙන පරිදි, ජනාධිපති අනුර දිසානායක මහතා පසුගිය දා සිදු කළ ජර්මානු සංචාරය මහජන මුදල් අවභාවිතයක් බවට පැහැදිලි සාක්ෂි පවතී. ජර්මනියේ බලයලත් තනතුර ජර්මානු චාන්සලර්වරයා වන නමුත්, ජනාධිපතිවරයා ඔහු හමු වී නොමැති බවත්, තීන්දු ගැනීමේ බලතල නොමැති ජර්මානු ජනාධිපතිවරයා හමු වීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවත් හෙතෙම සඳහන් කරයි.
එම සංචාරයේ දී ජනාධිපතිවරයා හමු වූ එකම බලයලත් පුද්ගලයා ජර්මානු විදේශ අමාත්‍යවරයා බවත්, විදේශ අමාත්‍යවරයකු හමු වීම සඳහා මෙරට ජනාධිපතිවරයා යාම අවශ්‍ය නොවන බවත් ඔහු පෙන්වා දෙයි.
මේ අනුව, ජනාධිපතිවරයා මෙම සංචාරය සිදු කර ඇත්තේ පුද්ගලික කටයුත්තක් සඳහා මහජන මුදල් යොදවමින් බවට චෝදනා එල්ල කරයි.
මීට අමතරව, ජනාධිපතිවරයාගේ මව අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන අවස්ථාවේදී, ඇයගේ සුවදුක් බැලීම සඳහා රාජ්‍ය වාහන හා ආරක්ෂක කාර්ය මණ්ඩලය යොදා ගැනීම ද මහජන මුදල් අවභාවිතයක් බවට ගම්මන්පිල මහතා චෝදනා කරයි.
කෙසේ වෙතත්, වත්මන් ජනාධිපතිවරයාට පවතින මුක්තිය හේතුවෙන් මෙම චෝදනා සම්බන්ධයෙන් මේ මොහොතේ නඩු පැවරිය නොහැකි බවත්, ධූරයෙන් ඉවත් වූ පසු ඒ පිළිබඳව නීතිමය පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.