ජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මකවන ක්‍රමය පිළිබඳ විශ්වාසයක් ජනතාව තුළ ඇතිවන්නේ නම් පමණක් බවත්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සිදුවෙමින් ඇති වටපිටාවක යූ ටියුබ් කරුවෙකුට එහි අවසන් ප්‍රතිඵලය සම්බන්ධව අනාවැකි පළ කළ හැකිනම් එය මේ ක්‍රමය සම්බන්ධව පැන නගින බරපතල ප්‍රශ්නයක් සේම සමස්ථ අධිකරණ ක්‍රියාවලියටම සිදුකරන අපහාසයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ මාධ්‍ය හමුවේ දී පැවසුවේය.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේ දී මාධ්‍ය අමතමිනි.
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිර්දේශපාලනික විය යුතු බව කී විපක්ෂ නායකවරයා රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එකට එකතු වීමේ අවස්ථාව දැන් උද්ගත වී ඇතැයි පැවසුවේය.
හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත්, ඔහුට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර නිසි ලෙස ලැබෙන බව තමන් විශ්වාස කරන බවත් කීවේය.
විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය.
“ මේ ක්‍රියාවන් සිදුවන ආකාරය පිළිබඳව රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා දීලා තියනවා. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සහ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මකවන මෙහොතකදී උත්තරීතර නීතියෙන් සඳහන් නොවන තුන්වැනි පාර්ශවයකට සමාජ මාධ්‍ය ජාලාවලට පුරෝකථනය කරන්න බෑ ඒ නිතියේ ක්‍රියාදාමයේ අවසන් ප්‍රතිඵලය.
අපට බොහොම පැහැදිලිව පේනවා තුන්වැනි පාර්ශවයක්, උත්තරීතර නීතියට පරිබාහිර පාර්ශවයක්, මේ අවස්ථාවේ දී සමාජ ජාලාවක්, එක් තරාා පුද්ගලයෙක් මේ පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ අනාවැකි පළ කරනවා. පුරෝකථන කරනවා. ඒක බොහොම භායනක තත්ත්වයක්.
ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා වීමට නම් රටක ජනතාව විශ්වාස කරන්න ඕන මේ ක්‍රමවේදය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා කියලා. එය එලෙසම නිවැරදිව ක්‍රියාත්මක වෙන්නත් ඕන. ක්‍රියාත්මක වීමත් වැදගත්. ජනතාව ලබන අවබෝධයත් වැදගත්.
පැහැදිලිව සමාජ මාධ්‍ය ජාලාවක පුද්ගලයෙකුට අනාවැකි පල කරලා මේ විදිහට තමයි මේ සිදුවීම් සියල්ල සිද්ධ වෙන්නේ කියනකොට මේ ක්‍රියාවලිය පිලිබඳ බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. එය ඇත්තවශයෙන්ම අධිකරණයට කරන අපහාසයක්. උත්තරීතර නීතියට කරන අපහාසයක්. මේ ක්‍රියාදාමයේ නියැලී සිටින සියලු දෙනාටම කරන අභියෝගයක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත පහරක් ලෙස අප දකිනවා.
ඒ නිසා විශේෂයෙන්ම අප කියා සිටින්නේ රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක වීම විනිවිද භාවයෙන් යුක්තව නිර්දේශපාලනීකරණයකට ලක් කර එය සිදුවිය යුතු ආකාරයටම සිද්ධ වෙන්න ඕන. එහෙම නැතිව මේ එක එක තුන්වැනි පාර්ශවවලට එලියට ඇවිල්ලා මේකයි සිද්ධ වෙන්නේ මෙහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඇත්ත වශයෙන්ම නීති විරෝධී ක්‍රියාවක්. ඒ පිළිබඳව වහාම පියවර ගැනීම වැදගත් කියන එක මා ප්‍රකාශ කරනවා.