gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති රනිල්ගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් බන්ධනාගාර රෝහලට!

රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහි පැමිණ තිබෙනවා.

ඒ අනුව, අද (23) උදෑසන 9.30ට පමණ සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළ අතර, ඉන් අනතුරුව ඔහු ඊයේ (22) රාත්‍රියේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණා.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka