gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

රනිල්ව අත්අඩංගුවට ගන්න හේතු වුණේ, ජවිපෙ කාර්යාලයේ සේවය කරපු පොලිස් නිලධාරියෙක් හරහා සිදු කළ පරීක්ෂණයක් - සාගර

ජනතාවට බොරු පොරොන්දු ලබා දෙමින් බලයට පැමිණි රජයක්, තමන්ට කිසිවක් සිදු කර ගැනීමට නොහැකි වන විට, විරුද්ධවාදීන් මර්දනය කිරීමට කටයුතු කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව, මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා පුරවැසියන්ට කැමති මතයක් දැරීමේ අයිතියට සිදු කරන විශාල තර්ජනයක් බවයි ඊයේ (24) විපක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහලේකම්වරයා සඳහන් කළේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැඩිව හෙළා දකින බවද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළා.

එසේම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ, පසුගිය ජනාධිපතිවරණයට පෙර පොලිස් සේවයෙන් විශ්‍රාම ගොස් ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත කාර්යාලයේ සේවය කළ පොලිස් නිලධාරියකු, රජය බලයට පත් වීමෙන් අනතුරුව යළි පොලිස් සේවයට කැඳවා, ඔහු යටතේ සිදු කළ පරීක්ෂණයක් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka