ආණ්ඩුව පෙරලා දමන්න හිටපු ජනපති රනිල් යළි පාර්ලිමේන්තුවට!
නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණින් (සිලින්ඩරය) පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රිවරු දෙදෙනාගෙන් අයකු ඉල්ලා අස් වී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට යෑමට ඉදිරියේදී අවස්ථාව ලබාදෙනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොළවත්ත ඊයේ (අගෝ. 27) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රවි කරුණානායක හෝ ෆයිසර් මුස්තාපාගෙන් ඉල්ලා අස්වන මන්ත්‍රිවරයා කවුරුන්ද යන්න එක්සත් ජාතික පක්ෂය ඇතුළුව නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ප්‍රධානීන් එක්ව තීරණයක් ගනු ඇතැයිද ඔහු කීවේය.
ඒ සම්බන්ධව ප්‍රේමනාත් සී. දොළවත්ත මෙසේ ද කීවේය.
“සිලින්ඩරයට ඡන්ද ලක්ෂ 20ක් ලැබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදුන් ඡන්ද තමයි. මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තු 2ක් ලැබුණෙත් සිලින්ඩරයට රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය ලබාදුන් නිසයි. ඔහු මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්. ප්‍රජාතන්ත්‍රවාදයට නායකත්වය දුන් පුද්ගලයෙක්. මේක ඔහුට සුදුසුම වෙලාව පාර්ලිමේන්තුවට එන්න. දැන් පාර්ලිමේන්තුව ඉබාගාතේ යන්නේ. එතුමා පාර්ලිමේන්තුවේ සිටීම අවශ්‍යයි.”
ආණ්ඩුව පෙරලා දමන්න හිටපු ජනපති රනිල් යළි පාර්ලිමේන්තුවට!
2025-08-28T11:26:00+05:30
Gossip Lanka Hot News






