ආරක්ෂාවට තර්ජනයක් – ජනපතිගේ දේශීය සංචාර ගැන තොරතුරු හෙළිකිරීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි
2025 අගෝස්තු 4 වැනි දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශීය සංචාර පිළිබඳ තොරතුරු නිකුත්කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
අගෝස්තු 27 දිනැති ප්‍රතිචාරයේ ලේකම් කාර්යාලය සඳහන් කර ඇත්තේ, ඉල්ලා සිටින තොරතුරු ජනාධිපතිවරයා පිළිබඳ ආරක්ෂක සංවේදී තොරතුරුවලට සෘජුවම අදාළ වන බැවින්, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ 5 (1) (ආ) (i) වගන්තිය යටතේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.
ජිනාත් ප්‍රේමරත්න වෙත යොමුකරන ලද අදාළ ලිපියේ, පනතේ 31 (1) වගන්තිය යටතේ දින 14ක් ඇතුළත අභියාචනයක් ගොනුකළ හැකි බව තවදුරටත් සඳහන් කර ඇත.
එවැනි අභියාචනා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. ප්‍රසන්න චන්දිත් වෙත යොමුකළ යුතුය.
මෙම ප්‍රතිචාරය නිකුත් කර ඇත්තේ, තොරතුරු නිලධාරී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.ජී.එස්.සී. රොෂාන් විසිනි.
ආරක්ෂාවට තර්ජනයක් – ජනපතිගේ දේශීය සංචාර ගැන තොරතුරු හෙළිකිරීම ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි
2025-08-28T16:38:00+05:30
Gossip Lanka Hot News






