හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ ආචාර්ය උපාධි ප්‍රධානෝත්සවය සඳහා හිටපු ජනාධිපතිවරයාට ආරාධනා කරන ලද එංලන්තයේ වෝල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ කුලපති සොරාජ් පෝල් මහතා අභාවප්‍රාප්ත වී ඇත.
වයස අවුරුදු අනූ හතරේදී ඒ මහතා අභාවප්‍රාප්ත වන විට වසර 25 ක පමණ කාලයක් අදාළ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටයුතු කර තිබේ.