gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාතික ආරක්‍ෂව තහවුරුයි.. දේශපාලන සහාය නැතිව පාතාලය කැළඹිලා.. වෙඩි තියාගන්නේ ඒකයි - ආරක්‍ෂක ලේකම්

රටේ ජාතික ආරක්ෂාව ස්ථාවර මට්ටමක පවතින බවට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, ප්‍රකාශ කළේය.

චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට කරන ලද ආධාර පරිත්‍යාග කිරීමේ නිල උත්සවයට සහභාගී වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් (පාතාලය) සම්බන්ධ ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන ගැටලුවක් නොවන බවයි.

අද වන විට පාතාලයට දේශපාලන රැකවරණ අහිමිවීම මත ඔවුන් කැළඹීගොස් ඇති බවත් ඒ හේතුවෙන් තැන් තැන්වල වෙඩි පත්තු වෙමින් ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේය.

මෙම තත්ත්වය දැනටමත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සාර්ථකව කළමනාකරණය කරමින් පවතින බවද ඔහු ප්‍රකාශ කළේය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka