කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු බඩු කාමරයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තේ සහ පල්වතුර වෙලා! විශේෂ විමර්ශනයක් අරඹයි!
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු බඩු කාමරයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් විනාශ කිරීමට යන අවස්ථාවේ දී තේ කහට සහ පල් වතුර වූයේ කෙසේ දැයි රස පරීක්ෂක වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග ඊයේ (01) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.
මෙම මත් පැන් බෝතල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු එම මත්පැන් තොගය විනාශ කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන පසුගිය පෙබරවාරි 17 දින නියෝග කර තිබුණි.
එම මත්පැන් තොගය විනාශ කරන තුරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තැනපත් කර තිබිණි. එහෙත් මත්පැන් තොගය විනාශ කිරීමේදී ඒවා සැබෑ මත්පැන් නොවන බවට මහෙස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව බෝතල්වලට යළි සීල් තබා අධිකරණ නඩුබඩු කාමරයේ ගබඩා කරන ලෙසට නියෝග කර තිබුණි.
මත්පැන් තොගය පල් වතුර හා තේ වතුර බවට පත්කළේ කළේ කවුරුන්ද යන්න ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබුණි.
ඒ අනුව අදාළ බෝතල් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස පොලීසිය කළ ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝග නිකුත් කළාය. ( Derana)
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ නඩු බඩු කාමරයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තේ සහ පල්වතුර වෙලා! විශේෂ විමර්ශනයක් අරඹයි!
2025-08-02T07:39:00+05:30
Gossip Lanka Hot News






