රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කිරීම සඳහා අධිකරණ භූමියට පැමිණ සිටි නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ.
ඔහු කළ ප්‍රකාශයේ මූලික හරය වී තිබෙන්නේ කිසිම රාජ්‍ය නායකයෙක් කිසිම තීන්දුවක් නොගන්නා ඇති බව ය. ඔහුගේ වචනවලින් ම “මේකෙන් අවසානයේ වෙන්නේ කිසිම රාජ්‍ය නායකයෙක් තමන්ගේ ධුර කාලය තුළ කිසිම තීන්දුවක් ගන්න එකක් නෑ. ඒ නිසා අපි දේශපාලඥයන් හැටියට ඉදිරියේ දී කල්පනා කළ යුතුයි ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග ගැන.” යනුවෙනි.
එමෙන් ම, නීතිඥයෙකු බව කියා ගන්නා නාමල් රාජපක්ෂ ඉදිරිපත් කරන තර්ක ද මෙම සිදුවීම් නිසා පැටලී ඇත. “ජේවීපී එකේ අයට මේක හොඳට පුරුදුයි. එදා බෝම්බ දාලා දැම්මේ ඒ විදිහට අද පොදු දේපළ පනත පාවිච්චි කරනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
- lankatruth