gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උදේ තිබ්බ මාධ්‍ය සාකච්ඡාවට හවස් වෙද්දි බඩු හරි... අධිකරණයට අපහාස කරාට කට්ටියට වෙන්න යන වැඩේ මෙන්න - මාලිමා නීතීඥයන් මාධ්‍ය හමුවේ (VIDEO)

ජාතික ජනබලවේගයේ නීතීඥයෝ සංවිධානය (මාලිමා නීතීඥවරුන්) අද (24) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් එල්ල වන විවේචන ගැන අනතුරු ඇඟවීය.

ජාතික ජන බලවේග නීතීඥ සංගමයේ, නීතීඥ උපුල් කුමාරප්පෙරුම අවධාරණය කළේ, එම නියෝගය පාර්ලිමේන්තුවෙන් පිටතදී පසුගාමී තත්ත්වයට පත්කරන ප්‍රකාශ සිදුකිරීම අධිකරණයට අපහාස කිරීමක් දක්වා වර්ධනය විය හැකි බවයි.

නීතීඥවරුන් පෙන්වා දුන්නේ, එවැනි ප්‍රකාශ මහජන කැළඹීමක් දක්වා වර්ධනය වුවහොත්, එය හිටපු ජනාධිපතිවරයාට ඇප නොලැබීමට පවා හේතුවක් විය හැකි බවයි.

වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය මාධ්‍ය හමු පැවැත්වීම අධිකරණයට සිදුකරන බලපෑමක් මෙන්ම අපහාස කිරීමක් බවත් විත්තිය විසින් උසාවියට ඉදිරිපත් කළ යුතු කරුණු ඔහු පැවසුවේය.

මේ බලපෑම සමාජ දේහයටම ඇතුළු වී අධිකරණය සම්බන්ධයෙන් ජනතාව තුළ අවිශ්වාසයක් ඇති වන බව ද මෙම සිදුවීම දේශපාලන උවමනාවන් මත සිදුකරන බවට සමාජගත කිරීමට උත්සාහ කිරීම වැරදි බවත් එය ජනතාව අවබෝධ කරගත යුතු බවත් හෙතෙම අවධාරණය කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka