gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විමර්ශන අවසන් – ලසන්ත ඝාතකයන්ට කීත් නොයාර්ට පහරදුන් අයට ළඟදීම වැඩ වරදියි!

සන්ඩේ ලීඩර් කර්තෘ, ප්‍රවීණ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ජනමාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන අවසන් කර ඇතැයි මහජන ආරක්ෂක කටයුතු ඇමැති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඒ අනුව ඊට වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනුකිරීමට ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා ඇතැයි ද කී ඇමැතිවරයා, කාලයේ වැලිතලාවට යට වූ එම සිද්ධි පිළිබඳව නැවත විමර්ශන ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බවද හෙතම කියාසිටියේය.

ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයකින් මේ වනවිට විභාග කරන බවත්, එහි සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බි්‍රගේඩියර්වරයකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka