පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මාස තුනකට අධික කාලයක සිට පවතින පිස්ටියුලා කටු හා ප්ලාස්ටර් හිඟයට වත්මන් රජය මැදිහත් නොවන නිසා, එම අවශ්‍යතාවය සපුරා දීමට මැදිහත් වන පරිත්‍යාගශීලීන්ටද යම්, යම්, බාධා එල්ල වී ඇති බවත්, එවැනි අවස්ථා පින්තූර ගැනීමට පවා තහනම් කර ඇති බවත්, පොළොන්නරුව ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා ප්‍රශ්න කරන බව ගල්තඹරාව ශ්‍රී විජයාරාමාධිපති කන්තලේ රාහුල නාහිමියෝ සඳහන් කරති.
600 කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටින මෙම වකුගඩු රෝහලේ රෝගීන්ගේ දැවෙන සංවේදී ගැටලුව වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ රජයට නොපෙනීම තේරුම් ගත නොහැකි ඛේදවාචකයක් බව ද උන්වහන්සේ කියති.
මෙම වකුගඩු රෝහලේ පිස්ටියුලා කටු නොමැති වීමෙන් රෝගීන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට රුපියල් 216 ක් පමණ වටිනා පිස්ටියුලා කටුවක් රුපියල් 950 ක් වැනි මිලකට ලබාගැනීමට සිදුවී ඇති බවද ප්‍රදේශයේ සංඝරත්නය පෙන්වා දෙති .
මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳ ප්‍රචාර වීමත් සමග පරිත්‍යාගශීලීන් අවශ්‍ය කටු හැකි පමණින් ලබාදීමට මැදිහත්වන බවත්, ඒම අවස්ථාව ඔවුන්ට ඡායාරූප ගත කිරීමට පවා සෞඛ්‍ය බලධාරීන් තහනම් කර ඇත්තේ කුමණ පදනමකින්දැයි රාහුල නාහිමියෝ පවසති.
බොහෝවිට පරිත්‍යාගශීලී කණ්ඩායම් එම ඡායාරූප ගන්නේ තම ප්‍රදානය සිය කණ්ඩායම තුළ තහවුරු කිරීම වෙනුවෙන් බව මේ සෞඛ්‍ය අංශ නොදැනීම පුදුමයක් බව පවසන නා හිමියෝ රුධිර කාන්දු පෙරණය සඳහා අවශ්‍ය මෙම කටු නොමැති වීම රෝගීන්ගේ මරණයෙන් කෙළවර විය හැකි බරපතල තත්ත්වයක් බැවින් අවස්ථා කළමනාකරණය කරගෙන ගැටලු විසඳා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ගේ ඇති අපොහොසත්කම පුදුම හිතන බව ද කියති
කෙත්සිරිගම දමිතවංශාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙන් ගාල්ලේ පොල්දූව, ආරණ්‍ය සේනාසනාධිපති නායක ස්වාමීන් වහන්සේ වැඩම කරමින් එම රෝහලට කටු දාහක් පරිත්‍යාග කළ බවත්, එය මාධ්‍යයට වාර්තා කිරීම තහනම් කර තිබූ බවත්,පසුගිය කාලයේ පරිත්‍යාගශීලීන් සම්බන්ධ වී රෝහලට ලබා දුන් පරිත්‍යාගයක් මාධ්‍ය යට වාර්තා කිරීහෙව් අනතුරුව රෝහලේ කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය බලධාරීන්ට වගඋත්තර බැඳීමට සිදුව තිබෙන බවත් මේ අවස්ථාවේ දී මහා සංඝයා පෙන්වා දුන්හ.
-මනම්පිටිය නිමල් ජයරත්න
lankasara