gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හෝටල් හිමියන් දෙදෙනෙකුගේ වුවමනාවට නකල්ස් රක්ෂිතයේ කාපට් පාරක් හදන්න ජගත් මණුවර්ණයේ ප්‍රධානත්වයෙන් රැස්වීමක්? පරිසරවේදීන් චෝදනා කරයි.

යුනෙස්කෝ ලෝක උරුම වනාන්තරයක් වන නකල්ස් රක්ෂිතයේ අතිශය සංවේදී පරිසර කලාපයක් වන තංගප්පුව සිට අට්ටලමේට්ටුව දක්වා මාර්ගයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමට රජය සූදානම් වන බවට පරිසරවේදීන් චෝදනා කරයි.

මෙම මාර්ගය සංවර්ධනය කිරීමට අවශ්‍ය අනුමැතීන් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මණුවර්ණගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිත බවද ඔවුන් පවසයි.

ෆේස්බුක් සටහනක් තබමින් පරිසරවේදියෙකු සඳහන් කර ඇත්තේ, මෙම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින් අද (18) මිනුම් කටයුතු ආරම්භ කර ඇති බවයි.

මෙම මාර්ගය සංචාරකයන්ට ඇවිදීමට පමණක් වන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අවසර ලබා දී තිබුණද, වත්මන් ආණ්ඩුව යටතේ එය කාපට් කිරීමට සැලසුම් කර ඇත.

පරිසරවේදියා වැඩිදුරටත් චෝදනා කරන්නේ, මෙම ව්‍යාපෘතිය ප්‍රදේශයේ හෝටල් හිමියන් දෙදෙනෙකුගේ අවශ්‍යතාවය මත වත්මන් ආණ්ඩුවේ දේශපාලන හිතවතුන් හරහා අනුමත කරගැනීමට සැලසුම් කර ඇති බවයි.

වැඩිදුරටත් සඳහන් කර ඇති ආකාරයට මෙම මාර්ගය කාපට් කිරීම සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමේ අරමුණින්, ඉඩම් පරිහරණ සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන සාකච්ඡාවක් අගෝස්තු 22 වන දින පෙ.ව. 9.00ට තංගප්පුව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මණුවර්ණ, සංචාරක ඇමතිගේ පෞද්ගලික ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරන එම පරිසරවේදියා, යුනෙස්කෝ ලෝක උරුම වනාන්තරයක් වන නකල්ස් වනාන්තරය තුළ එවැනි සංවර්ධන කටයුතු අවශ්‍ය පරිදි සිදු කළ නොහැකි බවත්, ගෝඨාභය රාජපක්ෂ රජය ද මෙවැනිම උත්සාහයකදී අසාර්ථක වූ බවත් සිහිපත් කර ඇත. පරිසරය සමඟ ගනුදෙනු කිරීම රඟපෑම තරම් පහසු නොවන බවත්, සංවේදී පරිසර පද්ධති විනාශ කළ නොහැකි බවත් ඔහු අවධාරණය කරයි.


-newshub


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka