gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුඩු ජාවාරම්කරුවකු මුදා හැරීමට ලක්‍ෂ 20ක් අල්ලස් ගනිද්දී නිලධාරින් තිදෙනෙක් අත්අඩංගුවට…

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන වංකානේ සුරාබදු කාර්යාලය අසල පිහිටි නිවසක රඳවා සිටින බවත්, එම සැකකරුට නීතිමය ක්‍රියාමාර්ග නොගෙන මුදාහැරීම සඳහා රුපියල් ලක්ෂ 20 ක මුදලක් ඉල්ලා සිටින බවට එම සැකකරුගේ සහෝදරියක විසින් 2025.08.30 වන දින දහවල් කාලයේ උතුරු පළාත් අපරාධ කොට්ඨාසය වෙතපැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

2025.08.30 වන දින සවස් කාලයේ පැමිණිලිකාරිය විසින් සැකකරු රඳවා සිටි වඩුක් කෝට්ටේ පොලිස් වසමේ වංකානේ සුරාබදු කාර්යාලය අසලට ගොස් ඇති අතර එම අවස්ථාවේ පැමිණිලිකාරියට අදාල මුදල් රැගෙන සුරාබදු කාර්යාලය තුලට පැමිණෙන ලෙසට සැකකරුගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලැබී ඇත.

ඒ අනුව පැමිණිලිකාරිය කාර්යාලය තුළට ගොස් මුදල් ලබාදී සැකකරු මුදවාගෙන පිටතට පැමිණිමේදී එම පරිශ්‍රයේ රැදි සිටි උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සුරාබදු කාර්යාලය වටලා ඇත.

එම අවස්ථාවේ සුරාබදු කාර්යාලය තුළ නිළ ඇඳුමින් සිටි සුරාබදු නිලධාරියෙකු අදාල මුදල් රැගෙන පලායාමට උත්සාහ කර ඇත. උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් එම සැකකරු ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 20 ක මුදලක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ සුරාබදු කාර්යාලය තුළ නිළ ඇඳුමින් සිටි සුරාබදු නිලධාරියෙකු හා සිවිල් ඇඳුමින් සැරසී සිටි සුරාබදු නිලධාරියෙකුද මෙම මුදල් ලබා ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනා කන්කසන්තුරය පොලිස් ස්ථානය වෙතඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 36 ක් වන ආරියම්පදි ප්‍රදේශයේ පදිංචි සුරාබදු නියාමකවරයෙකු වන අතර ආධාර අනුබල දුන් සැකකරුවන් අවුරුදු 32 හා 48 වයස්වල පසුවන අරලම්පදි හා අරියාලේ ප්‍රදේශවල පදිංචි සුරාබදු පරීක්ෂකවරයෙකු හා සුරාබදු සැරයන්වරයෙකු වේ.

සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු තෙලිප්පලේ රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරුවන් 2025.08.31 වන අද දින මල්ලාකම් ගරු අධිකරණය වෙතඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කන්කසන්තුරය පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka