gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහානාමලා පෙන්වා දුන් ඇත්තට ජනපති පයින් ගසයි… පොල්හේන පන්සල් ඉඩමක ක්‍රිකට් ඇකඩමිය හදන්න ඉඩම් ලබා දෙන හඳුන්නෙත්තිගේ දේශපාලන ව්‍යාපෘතිය අනුමතයි!

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අවංකව කැප වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායකවරයෙක් මෙන්ම ජාත්‍යාන්තර පිළිගැනීමට ලක් වූ ක්‍රිකට් පුරාවෘතයක් වු ද,  අයිසීසී තරග තීරකවරයෙක් වූ ද රොෂාන් මහානාම ඇතුළු ප්‍රවීනයින් විශාල පිරිසකගේ දැඩි විවේචනයට ලක්වුන පොල්හේන පන්සල් ඉඩමක ඉදිකිරීමට යන ක්‍රිකට් ඇකඩමිය පිළිබඳ මතුවූ කිසිම සාධනීය විවේචනයක් නොසලකා ඒ සඳහා ඉඩම් නිදහස් කරදීමට අවශ්‍ය සියලුම කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අද පැවති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී තීරණය වුනේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් පෙන්වා දී තිබුණේ මෙවැනි ක්‍රීඩා ඇකඩමියක් නිර්මාණය කිරීමේ අවංක අවශ්‍යතාවයක් මේ යෝජනාව ඉදිරිපත් කළ සුනිල් හඳුන්නෙත්තිට තිබුණා නම් ඒ සදහා පොල්හේනේ පන්සල් ඉඩම් සොයනවා වඩා වැදගත් ප්‍රවේශයක් තිබුණු බවත් දැනටමත් ක්‍රීඩාව වෙනුවෙන් වෙන් කර ඇති මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගනයක් සංවර්ධනය කරමින් මේ ඉලක්ක පහසුවෙන් සපුරාගත හැකිව තිබුණු බවත්ය.

රොෂාන් මහානාම ඒ පිළිබඳ ජනපතිට මෙසේ ලීවේය.

“පළමු පෙළ සිට පාසල් මට්ටම දක්වා, විශේෂයෙන් දකුණු කලාපයේ මොරටුවේ සිට හම්බන්තොට දක්වා රට පුරා පැතිරී ඇති ක්‍රීඩාංගණ ඒකාබද්ධ ජාතික සැලැස්මක් යටතේ දියුණු කිරීමට කැපවීම මේ මොහොතේ කළ යුතු වැදගත්ම කටයුත්ත බවත් තෝරාගත් ක්‍රීඩාංගනවල පහසුකම් පූරණය කර ඊළඟ මට්ටමට ඔසවා තැබීමටත් දරුවන්ගේ නිවසට/පාසලට සමීපව පිහිටි ක්‍රීඩාංගනවලට අවශ්‍ය පහසුකම් සපයා එම දරුවන්ගේ පුහුණුවීම් විධිමත්කර කුසලතා වර්ධනය කර ගත හැකි මට්ටමකට සංවර්ධනය කිරීමටත්,  අරමුණු අපැහැදිලි මෙවැනි මෙගා ව්‍යාපෘති සඳහා යෝජනා කර ඇති අරමුදල් භාවිතය කිරීමේ ප්‍රායෝගිකය. ඵලදායී ය. ”

මහානාම කී සම්පූර්ණ කතාව මෙසේය.

සුනිල් හඳුන්නෙත්තිගේ දේශාපාලන ව්‍යාපෘතිය දුෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශපාලකයින්ට දෙන අල්ලස් සමග හරියටම සමපාත වන බව පෙන්වා දුන් ක්‍රිකට් ප්‍රවීනයින් රජයට දන්වා සිටියේ ක්‍රිකට් වෙනුවෙන් යහපතක් කිරීමට වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයක් ගන්නා ලෙසය.

කෙසේ වෙතත් අද දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සුනිල් හඳුන්නෙත්ති සිය ව්‍යාපෘතිය පාසල් දරුවන්ගේ ක්‍රීඩා කුසලතා නන්වන ක්‍රිකට් උසස් පුහුණු පාසලක් ලෙස පොල්හේන ව්‍යාපෘතිය හඳුන්වා දුන් අතර ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවසුවේ ඉඩම නිදහස් කළ සැනින් “හයි ප්‍රොපෝමන්ස් සෙන්ටර් එකේ” කටයුතු ආරම්භ කරන බවය. ඔහු කීවේ ක්‍රීඩා උසස් පුහුණු ආයතනයක් ඇත්තේ කොළඹ පමණක් බැවින් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මෙම ක්‍රීඩා පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය. එහිදී තෝරා ගන්නා පාසල් ක්‍රීඩකයින්ට අයි.ටී, ඉංග්‍රීසි ද උගන්වන බවත්, කොළඹට එන්නේ ඉහළ තත්ත්වයේ ක්‍රීඩකයෙක් බවත් කීවේය.

ජනාධිපතිවරයා විසින් එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉඩම් වෙන් කිරීමේ දී අඩු මුදලට එම ඉඩම වෙන් කරන ලෙස නිලධාරින්ට දන්වා සිටියේය. අප ඇතුළු ලක්ෂ 69ක ජනතාව මේ ආණ්ඩුව තෝරා ගන්නේ යහපත් ඵලදායී සම්පත් කළමනාකරණයක් වෙනුවෙනි.  එය පසෙක තබා ලංකාව තුළ ඇති ප්‍රකට දූෂිතයන්ගේ එකතුවක් වූ ක්‍රිකට් ආයතනය සමග ඇතිකරගත් හඳුන්නෙත්තිගේ දේශපාලන ව්‍යාපෘතිය අනුමත කිරීම සඳහා  ජනාධිපතිවරයා දැනුම්වත්ව හෝ නොදැනුවත්ව ගත් ඒ ඉරණම් සහගත තීරණය මෙසේ දක්වා සිටිමු.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka