බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් හෙවත් කින් ඛාන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිත කැසිනෝ ඇතුලු සුපිරි පහසුකම් සහිත හෝටල් සංකීර්ණයක් විවෘත කිරීම සදහා මෙසේ ෂාරුක් ඛාන් ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ජෝන් කීල්ස් සමූහය විසින් මෙම හෝටල් සංකීර්ණය ඉදිකර ඇත.
කෙසේවෙතත් මෙම හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම සදහා ෂාරුක් ඛාන් විසින් ඩොලර් මිලියනයක මුදලක් අයකර ඇති බව නිල නොවන ආරංචිමාර්ග සදහන් කරයි.
- mawratanews
