භාර වෙන්නේ නැත්නම්, දේපල තහනම් කරනවා – රෝහිතගේ දියණියට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්!
ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය පොලීසියට භාර නොවන්නේ නම්, ඇයට හිමි දේපල තහනම් කිරීමේ නියෝගයක් ලබා ගන්නා බව, පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, ඇය සහ ඇයගේ ස්වාමිපුරුෂයා රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ස්ථාන කිහිපයක් පරීක්ෂා කළ බවයි.
එහෙත්, එම කිසිදු ස්ථානයක ඔවුන් සිට නොමැත.
නීතීවිරෝධීව ජීප් රථයක් මෙරටට ගෙන්වා එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
භාර වෙන්නේ නැත්නම්, දේපල තහනම් කරනවා – රෝහිතගේ දියණියට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්!
2025-07-24T10:48:00+05:30
Gossip Lanka Hot News






