නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩු…!
නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධව පොලිසියේ ඇති පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු විමර්ශන වාර්තා තමන් වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.
නිලන්ත ජයවර්ධන මහතාට අදාළව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා අදාළ වාර්තා සහ සාක්ෂි සටහන් මෙලෙස ඉල්ලා ඇති බව වැඩි දුරටත් සඳහන් වෙයි.
එම වාර්තා සහ සාක්ෂි සටහන් අධ්‍යයනයෙන් පසු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීමට අදාළව ඉදිරි පියවර ගැනීමට නියමිත ය.
නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩු…!
2025-07-27T07:41:00+05:30
Gossip Lanka Hot News






