gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්ද සිර ඇදුමෙන් අධිකරණයට.. ගැලවිල්ලක් නෑ.. තවත් අධි චෝදනා!

සිර දඬුවම් විදිමින් සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අයටත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතාටත් අද (ජූලි 21) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙන ලදි.

ඒ 2014 ජනාධිපතිවරණය සමයේ ස.තො.ස හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම සම්බන්ධයෙන් වන සිද්ධියට අදාලවය.

ඉන් අනතුරුව මෙම විත්තිකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය දැනටමත් වෙනත් නඩු සඳහා සිරදඬුවම් විඳිමින් සිටින බැවින්, ඔවුන්ව මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka