ජනාධිපතිට LGBTQ+ පිලිගන්න කිවුවේ මමයි.. අගරදගුරු ගොං කතා කියනවා..- උවිදු
LGBTQ+ අයිතිවාසිකම් පිළිගන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතාට උපදෙස් දුන්නේ තමන් විසින් බව බ්‍රිතාන්‍යයේ වෙසෙන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ අනුර දිසානායක මහතා දේශපාලන රැස්වීමක් ඇමතිමට පෙර විශේෂ යමක් කියන්නට ඇත්තේදැයි තමන්ගෙන් විමසූ බවයි එහිදී තමන් මෙම අදහස ලබා දුන් බවත්ය.
නමුත් අනුර දිසානායක මහතා ඔහුගේ කතාව තුල මේ බව නොකියු පසු තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් පසු එම වේදිකාවේදීම ටිල්වින් සිල්වා මහතා විසින් LGBTQ+ අයිතිවාසිකම් පිළිගන්නා බව පැවසු බවද හෙතෙම එහි සඳහන් කර ඇත.
LGBTQ+ ප්‍රජාව යනු විවිධ ලිංගික දිශානති සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහිත පුද්ගලයන්ට සමාන අයිතිවාසිකම්, පිළිගැනීම සහ ගෞරවය වෙනුවෙන් පෙනී සිටින විශාල හා විවිධ වූ කණ්ඩායමකි. මෙම ප්‍රජාවට අයත් පුද්ගලයන් බොහෝ විට සමාජීය වශයෙන් වෙනස්කම්වලට, අපහාසයන්ට සහ ප්‍රචණ්ඩත්වයට ලක් වේ.
ශ්‍රී ලංකාව තුළ, සමලිංගික ක්‍රියාකාරකම් තවමත් නීති විරෝධී වන අතර, LGBTQ+ ප්‍රජාවට බොහෝ සමාජීය හා නීතිමය අභියෝගවලට මුහුණ දීමට සිදු වේ. කෙසේ වෙතත්, මෙම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළද සිටින අතර, තත්ත්වය වැඩිදියුණු කිරීමට උත්සාහ දරයි.
lgbtq+ population in sri lanka
ජනාධිපතිට LGBTQ+ පිලිගන්න කිවුවේ මමයි.. අගරදගුරු ගොං කතා කියනවා..- උවිදු
2025-07-29T03:26:00+05:30
Gossip Lanka Hot News







