gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පිය පුතු 4ක් බොටුවෙන් වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීමට නියෝග!

මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි පියකු පුතුන් දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙක් එකී චෝදනාවට වරදකරුවන් බවට තීන්දු කළ පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුවන් සිව් දෙනාටම මරණ දඬුවම නියම කළේය.

අදාළ විත්තිකරුවන් මිනී මැරීමේ අපරාධයට වරදකරුවන් බවට තීන්දු කරමින් ස්වකීය තීන්දුව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා විත්තිකරුවන් ‌මෙතැන් සිට මහනුවර බෝගම්බර බන්ධනගාරයට රැගෙන ගොස් ජනාධිපතිවරයා තීරණය කරනු ලබන දිනයකදී යුෂ්මතුන්ගේ බොටුවෙන් වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබා මරා දමන ලෙසට නියෝග කරන බවද කීවේය.

තම පුතකුගේ බිරිය සමඟ අනියම් ප්‍රේම සබඳතාවයක් පවත්වා ගෙන ගිය පුද්ගලයකුට පොලු වලින් පහරදී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වීම මත චූදිතයින් එකී දඬුවමට යටත් විය.

මෙසේ මරණ දඬුවම නියම වූයේ හිඟුරක්ගොඩ උනගලාවෙහෙර ප්‍රදේශයේ පිය පුතු දෙදෙනකුටයි. මෙම නඩුවේ 5 සහ 6 වන විත්තිකරුවන් දෙදෙනාටද නීතිපතිවරයා විසින් අධිචෝදනා බාර දී තිබූ නමුත් නඩු විභාගය අතරතුර එම විත්තිකරුවන් දෙදෙනා මිය ගොස් තිබිණි

විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බව විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරමින් මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා පැවසුවේය.

පළමු විත්තිකාර පියා සිය පුතුන් දෙදෙනා සහ තවත් පුද්ගලයන් තිදෙනකු සමඟ එක්ව මරණකාර නිමල් ජයතිලක නැමැත්තාට පොලුවලින් පහර දී ඝාතනය කර පසුව ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් මහමඟ දමා ගොස් ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka