ලබන අගෝස්තු 02 වැනිදාට City of Dreams Sri Lanka ලෙස ආරම්භ කිරීමට නියමිත Nuwa හෝටලය හා මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts & Entertainment) විසින් ඉදිකර ඇති අති දැවැන්තම කැසිනෝ පොළ සඳහා සූදු අන්තුවන් 400ක් පමණ සහභාගිවීමට නියමිත බව වාර්තා වේ.
මෙසේ පැමිණෙන වැඩි පිරිස ඉන්දියානු ජාතිකයෝ බවද පැවසේ.
එසේම තායිලන්තය, පිලිපීනය, මැකාවෝ දූපත් ඇතුළු රටවල සූදු අන්තුවන්ද ඊට ඇතුළත් බව වාර්තා වේ.
මේ අතර, තායිලන්ත, පිලීපීන, ඉන්දියාව හා හොංකොන් ඇතුළු රටවල් කිහිපයක ලලනාවන් 150ක් පමණ අදර් ස්ර්විස් යන කාණ්ඩය යටතේ එදිනට පෙර ලංකාවට පැමිණීමට නියමිත බවද මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ශාරුක් නාවේ මුසල්මානුවෙක් නිසා?
පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීම සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් විසින් මඟහැරීමෙන් පසුව ඒ සඳහා තවත් බොලිවුඩ් සුපිරි නළුවකු වන රිතික් රෝෂන් සහභාගිවීමට නියමිත බව පැවසේ.
මෙයට සහභාගිවීම ශාරුක් ඛාන් මඟහරිනු ලැබුවේ තද ස්ලාම් භක්තිකයෙක් නිසාත්, ස්ලාම් ආගම තදින් සූදුව ප්‍රතික්ෂේප කරන නිසාත් බවට ද මේවන විට කටකතා පැතිර ඇත.
බොලිවුඩ් නළු ශාරුක් City of Dreams Sri Lanka හි සමාරම්භක උත්සවයට පැමිණීම සම්බන්ධ සජීව වීඩියෝ දර්ශන මෙරට රූපවාහිනී නාලිකාවල විකාශය කිරීම ද ඔහු හා සංවිධායකයින් අතර ගිවිසුම මගින් තහනම් කර තිබූ බවද මේ අතර වාර්තා වේ.
කෙසේවුවද, රිතික් හා සංවිධාකයින් අතර ගිවිසුමට එවැනි කොන්දේසි නැතැයි ද පැවසේ.
මේ ව්‍යාපෘතිය ජෝන් කීල්ස් හා මෙල්කෝ රිසෝට් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් (Melco Resorts & Entertainment) එක්ව ක්‍රියාත්මක කරනු ලබන්නකි.
City of Dreams Sri Lanka තවත් තොරතුරු රාශියක් බලාපොරොත්තු වෙන්න..
-srilankamirror
City of Dreams Sri Lanka