ටාජ් සමුද්‍රා හෝටලය පිපිරවීමට පැමිණි ජමීල් රාජ්‍ය බුද්ධි නිලධාරීන්ට මගහැරුන විදිහ ප්‍රශ්නයක්… ඒ පිළිබඳවත් විමර්ශනයක් අරඹයි!
පාස්කු ප්‍රහාර මාලාවේ සැලසුමට අනුව සංචාරක හෝටල්වලට එල්ල කරන ප්‍රහාරයක් ලෙස ටාජ් සමුද්‍රා හෝටලය තුළ පපුපුරුවා ගැනීමට පැමිණි අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර දින ටාජ් සමුද්‍රා හෝටලයේ නවාතැන් ගත් අවස්ථාවේ දී එදින නවාතැන් ගත් පුද්ගලයින් සම්බන්ධව වාර්තාවක් හෝටලයේ කළමනාකාරිත්වය විසින් එදින රාත්‍රී 12ට පමණ රාජ්‍ය බුද්ධි අංශය වෙත වාර්තා කර ඇති නමුත් බුද්ධි අංශ එම අපරාධකරුව හඳුනා නොගැනීම ප්‍රශ්න සහගත බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල අද පැවසුවේය.
“මේ පුද්ගලයා සම්බන්ධව වර්ෂ 2018 සිට අන්තවාදී කටයුතුවලට සම්බන්ධයි කියලා හඳුනාගෙන තිබුණා. ඔහු සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් රාජ්‍ය බුද්ධි සේවයේ සහ අනෙක් සේවාවන්වල පැවැත්වෙමින් තිබුණා. ඒ කියන්නේ මොහු හඳුනාගත් පුද්ගලයෙක්. ”
“ඔහු ටාජ් සමුද්‍රා හෝටලයට ඇතුළු වෙන්නේ පාස්කු ප්‍රහාරයට පෙර දින පස්වරු 4.52ට. මේ තොරතුර රාජ්‍ය බුද්ධි සේවාව වෙත ගියත් ඒ තොරතුර පිළිබඳව බුද්ධි අංශ කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නෑ. එසේ වන්න හේතුව පිළිබඳවත් අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුව ගැඹුරු විමර්ශනයක් කරනවා…” මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයා අද පාර්ලිමේන්තුවට කීවේය.
ටාජ් සමුද්‍රා හෝටලය පිපිරවීමට පැමිණි ජමීල් රාජ්‍ය බුද්ධි නිලධාරීන්ට මගහැරුන විදිහ ප්‍රශ්නයක්… ඒ පිළිබඳවත් විමර්ශනයක් අරඹයි!
2025-07-10T11:46:00+05:30
Gossip Lanka Hot News






