gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෝටිපති තරුණ ව්‍යාපාරික ශ්‍රීජිත් ජයශාන් ඝාතනය කළ මිතුරු මිනීමරුවන් සියලු දෙනා අඩංගුවට…

මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචි තරුණ ව්‍යාපාරිකයා ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඝාතනය වී තිබුණේ ජයන්ති ටයර් හවුස් අධිපති තරුණ ව්‍යාපාරිකයෙක් වූ මාරවිල කටුනේරිය ශ්‍රී ජිත් ජයශාන්ය. ශ්‍රීජිත් 31 හැවිරිදි තරුණයෙකි. සාර්ථක ව්‍යාපාරිකයෙකි.

ශ්‍රීජිත්ව ඝාතනය කර තිබුණේ ඔහු සිය සමීපතම මිතුරා ලෙස ඇසුරු කළ පුද්ගලයා ය. ඔහු ඇතුළු සැකකරුවන් හතර දෙනෙක් මේ වනවිට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මේ ඝාතන සිද්ධියට සම්බන්ධවන සියලුම දෙනා ශ්‍රීජිත් සිය මිතුරන් ලෙස ඇසුරු කළ පුද්ගලයින්ය.

පසුගිය දා උදාසිරිගම ලුනුවිල ප්‍රදේශයේ වාහන සේවා ස්ථානයක් අසල වාහන සේදුම් අපද්‍රව්‍ය එකතුවන කොන්ක්‍රිට් ආවරණයක් සහිත වළක තිබී එම තරුණ ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයා ගැනුණි.
ශ්‍රීජිත් මරා දමා තිබු කොන්ක්‍රිට් ආවරණයක් සහිත වළ

ඒ අදාල ව්‍යාපාරිකයා පසුගි 30 වැනිදා සිට අතුරුදහන්ව ඇති බවට ඔහුගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදී ය. ඊට අමතරව ඔහුගේ මිතුරන් සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර තිබුණේ සිය සගයා ඔහුගේ සුඛෝපභෝගී කැබ් රථයත් සමග අතුරුදහන් බවත් ඔහු පිළිබඳ තොරතුරක් වේ නම් දන්වන ලෙසත් කියමිනි.

මේ අතර සිය සුඛෝපභෝගි කැබ් රිය සමග අතුරුදහන්ව සිටි තරුණ ව්‍යාපාරිකයාගේ කැබ් රථය ඔහුගේ සමීපම මිතුරා කියන පුද්ගලයාගේ නිවසේ ඇති බවට තොරතුරක් පොලිසියට ලැබෙන්නේය. ඔහුගේ නිවස තිබෙන්නේ වෙන්නප්පුවේය.

පොලිසිය පළමුව සොයා ගන්නේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ නිවසේ නතර කර තිබූ ව්‍යාපාරිකයාට අයත් සුඛෝපභෝගී කැබ් රථය ය.

ඉන් අනතුරුව සැකකරු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී උදාසිරිගම ලුනුවිල ප්‍රදේශයේ දී ශ්‍රීජිත්ට තියුණු ආයුධකයින් පහර දි ඝාතනය කළ බවත් පසුව එහි තිබූ වළකට දැමූ බවත් පවසන්නේය.

සැකකරු පවසන ආකාරයට එම ගැටුම සිද්ධවන්නේ මත්පැන් සාදයක් අතරය. මත්පැන් සාදය අතර ඇතිවූ බහින්බස්වීම අතර තම මිතුරා ඝාතනය කර මත්පැන් සාදයට එක් වූ අනෙක් මිතුරන් සමග ඔහුගේ සිරුර වාහන සර්විස් කරන ස්ථානයක අපද්‍රව්‍ය වලකට දමන්නේය.

මේ අතර ඝාතනයට ලක් වූ තරුණ ව්‍යාපාරික ශ්‍රීජිත් ජයශාන්ගේ සිරුර සිරුර ඊයේ ගොඩ ගනු ලැබුවේය.

සියලු සැකකරුවන් ඊයේ මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරිනි.

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka