gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමරිකා බද්ද තව අඩු නොකලොත් දුවන්න බෑ..- ඇගළුම් සංගම් සංසදය

ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ 30%ක අන්‍යෝන්‍ය ගැළපුම් තීරු බද්ද අඩු කර නොගතහොත් ශ්‍රී ලංකාවට වඩා අඩු තීරු බදු සහන ලබාගත් ගැනුම්කරුවන් වෙත ඇමරිකානු ඇඟලුම් ගැනුම්කරුවන් යොමුවීමේ අවදානමක් ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසයි.

එම නිසා අන්‍යොන්‍ය ගැළපුම් තීරු බද්ද තවදුරටත් අඩු කර ගැනීම සඳහා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ යුතු යැයි ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

ඇඟලුම් අපනයනය මෙරට විශාලතම අපනයන ඉපැයීම් ක්ෂේත්‍රය වෙද්දී දේශීය ඇඟලුම් අපනයන ඉපැයීම් වලින් වැඩි පංගුවක් ඇමරිකානු වෙළෙඳපොළට යොමු කෙරෙන පසුබිමක මෙබඳු ඉහළ අගයක අන්‍යොන්‍ය ගැළපුම් තීරු බද්දක් පැනවීම තුළින් එක්සත් ජනපදය සඳහා ඇඟලුම් අපනයනය කරන කලාපයේ රටවල් හා ලංකාව අතර තරගකාරිත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි යැයි එම නිවේදනයේ සඳහන් වේ.

ඇමරිකානු වෙළෙඳපොළ සඳහා ශ්‍රී ලංකාව සමඟ තරග කරන වියට්නාමය සඳහා අන්‍යොන්‍ය ගැළපුම් තීරු බදු ප්‍රතිශතය 20%ක් වූ බවත් බංග්ලාදේශයට පැනවූ 35%ක ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එහි සඳහන් වේ.

කාම්බෝජයට පනවා ඇති බදු ප්‍රතිශතය ශ්‍රී ලංකාවට වඩා වැඩි බැවින් ඔවුන්ද මේ තත්ත්වය වෙනස් කරවා ගැනීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි පවසන එම සංගමය මේ කරුණු සැලකිල්ලට ගෙන ලංකාවද බදු ප්‍රතිශතය තවදුරටත් අඩු කරගැනීමට උපරිම උත්සාහ කළ යුතු බව පවසයි.

ශ්‍රී ලංකා රජය විසින් එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතයින් සමඟ කළ සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙස 44%ක්ව තිබූ බදු ප්‍රතිශතය 30% දක්වා අඩු කර ගැනීමට හැකි වීම සුබවාදී තත්ත්වයක් නමුත් අගෝස්තු 1 වැනි දිනට පෙර දැනට ප්‍රකාශයට පත්ව ඇති බදු ප්‍රතිශතයද අඩු කර ගැනීම සඳහා වන රජයේ උපරිම කැපවීම දැඩිව අපේක්ෂා කරන්නේ යැයිද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම මෙරට ඇඟලුම් කර්මාන්තයෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා සුරක්ෂිත බව, වෙළෙඳපොළ කොටස පවත්වාගෙන යෑමට සහ විශ්වාසදායී ඇඟලුම් නිෂ්පාදකයකු ලෙස ශ්‍රී ලංකාව විසින් ඇඟලුම් සැපයුම් දාමයෙහි ලබා ඇති කීර්තිය තවදුරටත් රඳවා ගැනීමට අතිශය වැදගත් වනු ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

-බිඟුන් මේනක ගමගේ
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka