බටුවත්තේ ආමි උපුල් ඝාතනය කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ ඝාතකයින්… විමර්ශන අංශ කියයි!
ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙක් ලෙස සඳහන් ආමි උපුල් නමැත්තා රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේදී පෙරේදා රාත්‍රීයේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මත අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මෙගේ පාර්ශ්වයෙන් බවට තොරතුරු අනාවරණය වන බව විමර්ශන අංශ පවසයි.
වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ සම්බන්ධව මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ අංශ කිහිපයක් ඔස්සේ එම පරීක්‍ෂණ මෙහෙයවීමට විමර්ශන කණ්ඩායම් තුනක් පත්කර ඇති බවයි.
පෙරේදා රාත්‍රියේදී රාගම බටුවත්ත ප්‍රදේශයේ තම නිවසේ රැඳී සිටි ආමි උපුල්ව සොයාගෙන ත්‍රීරෝද රථයකින් පුද්ගලයෙක් තිදෙනෙක් පැමිණ තිබේ. පැමිණි පුද්ගලයින් යම් කාරණයක් පැවසීමට බව පවසා උපුල්ව නිවසින් පිටතට ගෙන්වාගෙන ඇත.
අනතුරුව ඔහු වෙඩි තබා ඝාතනය කළ ඝාතකයින් ඔවුන් පැමිණි එම ත්‍රීරෝද රියෙන්ම පලාගොස් ඇති බව අනාවරණය වී තිබේ.
ආමි උපුල් නැමැත්තා වයස අවුරුදු 45 ක පසුවන්නෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව චෝදනා එල්ලවී ඇති මෙම තැනැත්තාට එරෙහිව අධිකරණයේ නඩු කිහිපයක් ද විභාග වෙමින් පවතින බව විමර්ශන අංශ කියයි.
දැනට සිදුවී ඇති මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ගණේමුල්ල සංජීව සහ කෙහෙල්බද්දර පත්මේ අතර තිබූ ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය ද සිදුවී ඇති බවය.
-lankasara
බටුවත්තේ ආමි උපුල් ඝාතනය කර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ ඝාතකයින්… විමර්ශන අංශ කියයි!
2025-07-05T18:54:00+05:30
Gossip Lanka Hot News






