gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොත්තු කඩ දාලා කළු සල්ලි සුදු කරනවා…- නි. ඇමති

සංචරක නියෝජ්‍ය අමාත්‍ය, රුවන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, කොත්තු කඩ සහ වඩේ දැමීම වැනි සුළු ව්‍යාපාර මුවාවෙන් සිදුවන මුදල් විශුද්ධිකරණය හරහා කෝටිපතියන් බිහිවීම වැළැක්වීමට පියවර ගත යුතු බවයි. සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ලෝකයේ රටවල් 164ක් අතරින් ශ්‍රී ලංකාව 80 වැනි ස්ථානයේ පසුවීම පිළිබඳවද මහාචාර්ය රණසිංහ මහතා සිය කනස්සල්ල පළ කළේය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ලෝක ආර්ථිකයේ නිෂ්පාදිතයෙන් 2%-5%ත් අතර ප්‍රමාණයක් මුදල් විශුද්ධිකරණය, මේ කළු මුදල් තිබෙන්නේ කියලා. මම පුද්ගලිකව අදහස් කරනවා ශ්‍රී ලංකාවේ ඊට වඩා විශාල වශයෙන් වැඩියි.

ලෝකයේ රටවල් 164කින් ගත්තොත් මේ මුදල් විශුද්ධිකරණයට අදාළව රෑන්ක් කරනවා 0 සිට 10 වෙනකන්. 0 නම් ඉතාම හොඳයි. මුදල් විශුද්ධිකරණයක් වෙන්නේ නෑ රටේ. ඒත් 10යි නම් සම්පූර්ණයෙන්ම මුදල් විශුද්ධි කරන ආර්ථිකයක් යෙන්නේ. එහෙම විශාල රිස්ක් එකක් ඇවිල්ලා තියෙන්නේ හයිටි කියන රටේ. 8.25%යි මුදල් විශුද්ධිකරණයේ ඔවුන්ට ලැබිලා තියෙන අගය.

අඩුම අගයක් තිබෙන්නේ අයිස්ලන්තය. 1.17%යි. ශ්‍රී ලංකාවේ අපි ඒක ගත්තොත් 5.28%යි මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් අපේ අගය. ඉහළ තැනක ඉන්නේ අපි. ලෝකයේ රටවල් 164කින් අපි 80වැනි ස්ථානයේ ඉන්නේ.
අපිට ඕනතරම් උදාහරණ තියෙනවා.

මේ වගේ කටයුතු, මෙවැනි සිදුවීම් ගැන. අපි දන්නවා හිටපු ගමන් කොත්තු කඩයක් මතු වෙනවා. කෝටි ප්‍රකෝටිපතියෝ බිහි වෙනවා කොත්තු කඩ දාලා. අපි දන්නවා ඕන තරම් මේ වගේ කඩ කරන අය ඉන්නවා. හැබැයි එහෙම කෝටිපතියෝ වෙලා නෑ.

ඊට පස්සේ වඩේ දාන අය ඉන්නවා. ඔවුන් මහා කෝටිපතියෝ වෙලා තියෙනවා. ඉතින් අපි මෙවැනි මුදල් විශුද්ධිකරන , විවිධ අයතා ගනුදෙනු , එහෙම නැතිනම් ත්‍රස්ථවාදී කටයුතු වැනි පැහැදිලිව ඉදිරිපත් කළ නොහැකි කරුණු වලින් උපයාගත් මුදල් වෙනත් ක්‍රමවේද හරහා, විශේෂයෙන් ව්‍යාපාර වල යොදවලා සුදු කරන්න එහෙම නැත්නම් නීත්‍යානුකූල මුදල් බවට පත් කරන්න අණ පනත් පාවිච්චි කරලා තිබුණා. ඒකයි අපි රජයක් ලෙස සමාගම් පනතට සංශෝධන රැගෙන එන්නේ.”
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka