ඕස්ට්‍රේලියානුවෙක්ගේ කොටස් අයථා පරිහරණය – ගම්මන්පිලගේ නඩුවට යළි කැඳවයි
ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් මිලියන 20ක් වටිනා කොටස් ව්‍යාජ ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව නැවත කැඳවීමට කොළඹ මහාධිකරණය දිනයක් නියම කර තිබේ.
මෙම නඩුව ඊයේ (21) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද ඉදිරියේ කැඳවූ බව වාර්තා වේ.
නඩුව නොවැම්බර් 21 වන දින විභාගය සඳහා නැවත කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
මෙම නඩුව මුලින් ගොනුකර ඇත්තේ පසුගිය යහපාලන රජය සමයේදී වන අතර, ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් භාවිතා කර කොටස් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගම්මන්පිලට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඕස්ට්‍රේලියානුවෙක්ගේ කොටස් අයථා පරිහරණය – ගම්මන්පිලගේ නඩුවට යළි කැඳවයි
2025-07-22T07:25:00+05:30
Gossip Lanka Hot News






